Blogspot - sathsihina.blogspot.com - සත් සිහින

Latest News:

letting go 24 Dec 2011 | 11:47 pm

උඩඟු කඳු මුදුනට වගක් නැති බව දැන දැන නිතර ළඟ දැවටෙන වළාකුල දුටුවේද නුඹ? කඳු මුදුන අතහැර රිදෙන ගමනක් යන්නට හිත හදාගෙන, මොහොතක් හැඬූ හැටි දුටුවේද නුඹ?

කඳුළු නොගනින 19 Dec 2011 | 10:04 am

ඉඳහිටක දුර ඉඳන් හඬන හඬ හීන් සරකින් සවන වැකෙනවා ළඟ ඉඳන් සනහන්න නොහැකි දා සිනහවක් වී කඳුළු පිසිනවා මඟ දෙපස මා නිතර යනෙන අත නුඹේ රුවම දෙනෙත් ළඟ පිපෙනවා දෝතකට නෙලන්නට නොහැකි මුත් දුර තියා නුඹේ සුවඳ දැනෙන...

looking forward 17 Dec 2011 | 02:44 am

අදිසි අතැඟිලි අගින් අවුල් කර තුරු මුදුන් සුළඟ දඟ කලත් නිති හෙටත් තුරු මඟ බලන්!

කුරුටු 14 Dec 2011 | 10:50 pm

හිතේ එක දාරයක ඇදුම්කන එක තැනක් නුඹ කුරුටු ගා ගිහින් වදන් නැති පද පෙළක්

එළිය 11 Dec 2011 | 04:23 pm

නුඹ... එළියක්ව නතරවන තුරු මා ළඟ මා රටාවක් බව නොදැන සිටියෙමි මමම...

හඬන්නී 10 Dec 2011 | 06:45 pm

ගිනිගත්තු දහවලේ වළා සළුවක එතී සිනාසෙන මං සෙවූ අහස ඇත අඳුරු වී හවස් කල එළඹෙද්දී තවත් ඉවසනු නොහී අනෝරා වැසි එවා මහා හඬින් හඬන්නී

පිස්සු 4 Dec 2011 | 08:04 pm

මට හිටිය ගමන් හිතෙනවා ඔලුව හැරුණු අතේ යන්න. එහෙම හිතෙන්නේ පිස්සු තියෙන අයට කියලා මම දන්නවා. ඒත් මට පිස්සු නැහැ. පිස්සෝ තමන්ට පිස්සු නැහැ කියලා කියන බවත් මම දන්නවා. යනවට නෙමෙයි, ඇත්තටම ඔලුව හැරුණු අතේ ...

first day of summer 2 Dec 2011 | 12:02 am

රාත්‍රිය නොඑළඹී දිගම හැන්දෑවක් ලා අඳුරේ මඟ හොයන එක කදෝකිමියෙක් මොහොතකට හිත පොඟා යළි දුවන වැස්සක් සුසුම් මෙන් බර නැතත් පුංචි පවනැල්ලක්!

රටා නැති 30 Nov 2011 | 02:20 pm

කවුළුවේ හීතල දැනෙන විට මා කොපුලට මතක් වෙයි හෙමිහිට වරුවක්ම මෙතැන උන් බව හුස්මකින් මීදුම බැඳුණු වීදුරු මතුපිට ඇඟිලි තුඩගින් අඳිනෙමි රටා නැති රටාවක් හැඩ

නැවත 28 Nov 2011 | 10:35 pm

මුළු සීත කාලයේ නිහඬවම උන්නු ගස අලුත් පත් සොලවමින් සුළඟ හා ගයන හැඩ!

Recently parsed news:

Recent searches: